දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුගේ නඩුව ජනවාරි මස 07

ඉකුත් වසරේ පැවති එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේදී එම තරඟාවලියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ තමීම් රහමන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව ජනවාරි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

Share