දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ පැය 2ක් තුළ සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 80ක් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් කිහිපදෙනෙකු සන්තකයේ තිබී ගංජා, හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය ද සොයා ගැනුණු අතර අත්අඩංගුවට ගත් පිරිස අතර විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණය මග හැර සිටින පිරිස් ද සිටි බවයි පොලීසිය සදහන් කළේ.





