මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් සුඛෝපභෝගී බස් රථයක් තුළ හෝටල් පහසුකම් සහිතව සංචාරය කළ හැකි ‘බස්ටුරන්ට්’ (Bustaurant) නමැති නව සංකල්පය අද දඹුල්ලේදී හඳුන්වා දෙනු ලැබුවා.
මෙම සේවාව දඹුල්ල, පැල්වෙහෙර, ඉනාමලුව, කිඹිස්ස, සීගිරිය සහ පිදුරංගල වැනි ඓතිහාසික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අතර සුඛෝපභෝගී සංචාරක අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සැලසෙනවා.





