දකුණු ජපානයේ වෙරළබඩ නගරයක ගොඩනැගිලි 170 කට වැඩි ප්‍රමාණයක් එක රැයකින් ගින්නෙන් විනාශ වී ඇති අතර, එය තවමත් සම්පූර්ණයෙන්ම නිවා දමා නොමැති බව එරට ජාතික ගිනි නිවන ඒජන්සිය පවසනවා.
ටෝකියෝවේ සිට කිලෝමීටර් 770 ක් නිරිත දෙසින් පිහිටි නගරයක ඊයේ පස්වරු 5.40ට පමණ හට ගත් ගින්නෙන් පුද්ගලයන් 175 දෙනෙකු පමණ අවතැන් වී තිබෙනවා.
ගින්නට හේතුව විමර්ශනය කරමින් සිටින අතර එක් පුද්ගලයෙකු තවමත් අතුරුදහන් වී ඇති බව සඳහන්.





