දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 7 ජයක්

ඩී කාණ්ඩය යටතේ අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය තරග වැදුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කර ගත්තා.
පන්දුයැවීමේදී මාර්කෝ ජැන්සන් කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 176ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව කඩුලු 7කින් තරගය ජය ගත්තා.

Share