රථ වාහන ධාවනයේදී ඇතැම් රියදුරන් විසින් සිදුකරන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ වසරේ මේ දක්වා කාලය තුල සිදු වූ අනතුරුවලින් යතුරුපැදිකරුවන් සහ පසුපදිකරුවන් සම්බන්ධ අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.





