කෘතහස්ත දේශපාලනඥයෙකු වූ අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ තැන්පත් කර තිබූ ඒ මහතාගේ දේහයට ජනාධිපති අනුරකුමාර දිසානායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද අවසන් ගෞරව දැක්වූවා.
මෙරට වාමාංශික ව්‍යාපාරයේ නායකයින් අතර සිටි ජේෂ්ඨතම නායකයකු වන තිස්ස විතරණ මහතා අභාවප්‍රාප්ත වූයේ පසුගිය 13 වැනිදායි
කලක් රෝහල් ගතව සිටි මහාචාර්ය තිස්ස විතාරණ මහතා මියයන විට 91 වැනි වියේ පසුවුණා.
ඒ මහතා ගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ ආචාර්ය එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ ඊයේ පස්වරුවේයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ පස්වරුවේ එන්.එම්.පෙරෙරා කේන්ද්‍රයට පැමිණ තිස්ස විතාරණ මහතාට තම අවසන් ගෞරවය පුද කළා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද දිවියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ වාමාංෂික නායකයාට අවසන් ගෞරව දැක්වූවා.
ඊයේ මෙන්ම අද දිනයේත් දේශපාලනඥයින්, පාක්ෂිකයින් ඇතුලු බොහෝ පිරිසක් ඒ මහතාට අවසන් ගෞරව දැක්වූවා.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී යි.
මෙරට වාමාංෂික දේශපාලන කේෂ්ත්‍රයේ කැපී පෙනෙන පෙරළි සිදු කර සිය කාර්යය අවසන් කළ මහාචාර්ය තිස්ස විතාරණ මහතා රැස්ව සිටි ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ දැයෙන් සමුගත්තා.





