තැපැල් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා
නිවේදනයක් නිකුත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කෙටි පණිවුඩ (SMS ) මගින් පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවන ලෙස ඉල්ලමින් මෙම වංචාව සිදු කරන බවයි
නොහඳුනන සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශවයකට හෝ පුද්ගලයින්ට හෝ වෙබ් අඩවිවලට ලබා නොදෙන ලෙසත් තැපැල්පති ආර්.පී සත්කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share