තායිලන්තය සහ කාම්බෝජය වහාම සටන් විරාමයකට එකඟ වී ඇති බව දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවා.
සියලුම හමුදා කුියාකාරකම් අත්හිටුවීමට සහ දේශසීමා ප්‍රදේශවල ජීවත් වන සිවිල් වැසියන්ට නැවත සිය නිවෙස්වලට යාමට ඉඩ දීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා.
ඒ අනුව අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් මිලියනයකට ආසන්න පිරිසක් අවතැන් කර ඇති සති ගණනක් පැවති දරුණු දේශසීමා ගැටුම් නතර වනු ඇති.
සටන් විරාමය දේශීය වේලාවෙන් සෙනසුරාදා මධ්‍යහන 12 සිට ක්‍රියාත්මකයි.
ගිවිසුමට අනුව පැය 72 කින් පසු, තායිලන්තය විසින් රඳවාගෙන සිටින කාම්බෝජ සොල්දාදුවන් 18 දෙනෙකු ද නිදහස් කරනු ලබන බව නිවේදනයේ සඳහන්.





