මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT පුද්ගලික සමාගම, Sumathi Information Technologies හි ඒකාබද්ධ විශේෂඥතාවය සමගින්, 2026 වසරේ තාක්ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කරන ‘Retail Industry: Technology Trends 2026 – The Enterprise Experience’ වැඩසටහන, පසුගියදා කොළඹදී පවත්වනු ලැබුවා.
දෛනිකව වැඩිවන මෙහෙයුම්, ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවන් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග සඳහා සාමාන්‍ය ව්‍යාපාරිකයින් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින් අනුවර්තනය විය යුතු ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.
මෙම අවස්ථාව සඳහා දිවයින පුරා සිටින ව්‍යාපාර හිමිකරුවන්, මෙහෙයුම් අධ්‍යක්ෂවරුන් සහ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සම්පාදකයින් රැසක් එක්ව සිටියා.





