ඊයේ, ත්රිකුණාමලය නගරයේ ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන පිරවීමට පැමිණි පුද්ගලයෙකු සහ ඉන්ධන පිරවුම්හල් සේවකයෙකු අතර ගැටුමක් ඇති වී තිබෙනවා
එහිදී QR කේතයක් නොමැති පුද්ගලයෙකු විසින් ඉන්ධන පිරවීමට බල කිරීමක් සිදු කර ඇති අතර සේවකයා ඊට එකඟ නොවීම හේතුවෙන් ඉන්ධන පිරවීමට පැමිණි පුද්ගලයාගේ ඥාතීන් පිරිසක් ඉන්ධන පිරවුම්හලට ගොස් සේවකයාට පහර දී තිබෙනවා
පහරදීමෙන් තුවාල ලැබූ සේවකයා ත්රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කෙරුනා.
ඔහුට පහර දුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව ත්රිකුණාමලය පොලිසිය පවසනවා.





