පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල පහරක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා
ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති විසිර යාමේ පෙළපාලියක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ එවන් අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කනස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බවයි.
ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.
ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 08 දෙනෙක්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 40 වන බඳවා ගැනීමේ නිලධාරීන් 33 දෙනෙක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 65 වන ශිෂ්‍ය භට බඳවා ගැනීමේ නිලධාරීන් 28 දෙනෙක් මෙහිදී විසිර ගියා
එසේම පුහුණුවීම් කාල සීමාව තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් හට සම්මාන ප්‍රදානය කිරීම සහ අධිකාරියට පත් නිලධාරීන් සඳහා අසිපත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා





