ත්‍රිකුණාමලයේ නීතිඥවරයෙකුගේ පුත්‍රයෙක් අතුරුදන් වෙයි

පාසල් උපකරණ මිලදී ගැනීම නගරයට පැමිණි පාසල් සිසුවෙකු අතුරුදන් වීමේ පුවතක් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ පෙරවරුවේ නිවසින් පිටත්ව ⁣ගිය බව පැවසෙන ඔහු ගමන් කළ පාපැදිය හා ඔහුගේ සෙරෙප්පු යුගල පාසල් ක්‍රීඩාංගණයක් අසල තිබියදී පොලිසිය සොයා ගත්තා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ත්‍රිකුණාමලය උසාවිය පාරේ පදිංචි 17 හැවිරිදි උසස් පෙළ පාසල් සිසුවෙක්.
එම සිසුවා ඊයේ පෙරවරු 6.45ට පමණ උසාවිය පාරේ පිහිටි නිවසින් පාපැදියෙන් පිටත්ව ඇත්තේ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ කිහිපයක් මිලදී ගැනීම සඳහා නගරයට යන බව පවසමින්.
එහෙත් පාසල් සිසුවා යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මව්පියන් පොලිසියට කළ පැමිණිල්ලක් මත වරාය පොලිසිය සිසුවා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.
එ් අනුව ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් විදුහල් ක්‍රිඩාංගණයේ පිටුපස තාප්පයක් අසල තිබියදී සිසුවා ගමන් කළ පාපැදිය සොයා ගැනීමට පොලිසිය සමත් වුණේ ඊයේ පස්වරු 7.00ට පමණ.
ඔහුගේ පැලද සිටි සෙරෙප්පුව හා මිලදී ගත් බවට සැක කළ හැකි අභ්‍යාස පොත් පෑන් ඇතුළු පාසල් උපකරණ ද පසෙක වැටි තිබියදී පොලිසියට හමුවී තිබෙනවා.
අතුරුදන් වූ සිසුවා නීතිඥවරයෙකුගේ පුත්‍රයෙක් වන අතර, ඔහු ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන සිසුවෙක්.

Share