තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර ඉන්දීය රජයේ ආදායම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා මහබැංකුව ඇතුලු මූල්‍ය ක්ෂේත්‍රයේ නියාමනය හා සම්බන්ධ මෙරට ආයතන ප්‍රධානීන් හමු වුණා.
ඉන්දීය රජයේ ආදායම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ නියෝජිත පිරිසක්
මෙරට සංචාරයක නිරත වෙමින්, මහ බැංකුවේ සහ අනෙකුත් අදාළ නියාමන ආයතනවල නිලධාරීන් සඳහා ධාරිතා ගොඩනැගීමේ සහ පුහුණු වැඩසටහන්වල දෙවන අදියර පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.
ඉන්දීය නියෝජිත පිරිසට මූල්‍ය බුද්ධි ඒකකය, ඉන්දීය සංචිත බැංකුව, ඉන්දීය සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලය සහ ඉන්දීය රක්ෂණ නියාමන සහ සංවර්ධන අධිකාරියේ විශේෂඥයින් ඇතුළත් වුණා.
මූල්‍ය අංශයේ අධීක්ෂණය, නියාමන සම්බන්ධීකරණය සහ මූල්‍ය පද්ධතියේ මතුවෙමින් පවතින අභියෝග යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම වැඩසටහන අවධානය යොමු කර තිබෙනවා.
සංචාරයේ කොටසක් ලෙස, ඉන්දීය දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නායකත්වය ද හමුවී අඛණ්ඩ සහයෝගීතාව සමාලෝචනය කිරීමට සහ අඛණ්ඩ සහභාගීත්වය සඳහා ක්ෂේත්‍ර හඳුනා ගැනීමට කටයුතු කළ බව මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ක්‍රිප්ටෝ වැනි අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා නියාමන රාමුව සහ ඩිජිටල් ගෙවීම්වල ඉන්දියාවේ අත්දැකීම් පිළිබඳ අවබෝධය සාකච්ඡාවලට ඇතුළත් වී තිබෙනවා.
මේ අතර 1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනත ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති ආයතන හා යෙදවුම් 22ක ලැයිස්තුවක් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life International (Pvt) Ltd
- Mark – Wo International (Pvt) Ltd
- V M L International (Pvt) Ltd
- Global Lifestyle Lanka (Pvt) Ltd
- Fast3Cycle International (Pvt) Ltd
- Sport Chain app, Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
- Fastwin (Pvt) Ltd
- Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
- Ride to Three Freedom (Pvt) Ltd
- Qnet/ Questnet
- Era Miracle (Pvt) Ltd. And Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd
- Beecoin App and Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entrepreneur (Pvt) Ltd
- Net Fore International (Pvt) Ltd./ Netrrix
- Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd





