අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇති රටවල් ලැයිස්තුවට තවත් රටවල් 6ක් එක්කර තිබෙනවා.
එලෙස එක් කර ඇති රටවල් වනුයේ පලස්තීනය, සිරියාව, බර්කිනෝ ෆාසෝ, මාලි, නයිජර් සහ දකුණු සුඩානයයි
ට්‍රම්ප් විසින් පසුගිය ජූනි මාසයේදී ද රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරනු ලැබුවා.
එහිදී ඔහු පවසා ඇත්තේ, “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම තීරණය ගන්නා බවයි.





