මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට තවත් ධීවර යාත්‍රාවක් මිරිස්ස මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් භාරයට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය සමග දකුණු මුහුදේදී පසුගියදා නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් මත තුන්වැනි යාත්‍රාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිසිය පැවසුවා.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට බහුදින ධිවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11දෙනෙක් නාවික හමුදා භාරයට ගැණුනා.
එම යාත්‍රා ඊයේ පෙරවරු 6ට පමණ දික්ඔ්විට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර ඒවායෙහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 184යි ග්‍රෑම් 52 ක් සහ හෙරෙයින් කිලෝ ග්‍රෑම් 112යි ග්‍රෑම් 268ක් පොලිස් භාරයට ගැණුනා.
මූලික විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ මෙම බහුදින යාත්‍රා දෙක මිරිස්ස සහ මා වැල්ල ධීවර වරායන් වෙතින් පිටත්ව ගොස් තිබූ බවයි.
පොලිස් විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය දැනට විදෙස් රටක සැඟව සිටින දෙහිගෙදර බාලේ සහ ඔහුගේ සහෝදරයා වන දෙහිදෙගර කළු විසින් මෙරටට එවා ඇති බවයි.
සැකකරුවන් 11 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ කොළඹ අළුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර ඔවුන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්නකිරිම් මත මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට තවත් බහුධින ධීවර යාත්‍රාවක් මිරිස්ස මුහුදු තීරයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් සිව් දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවා.





