තවත් ටිකක් පරිස්සමින් ව්‍යාපෘතිය ” සමාරම්භක අවස්ථාව දෙමෝදර පියුම් කඩේ හන්දියෙන් ඇරඹේ

ජාතික ලොතරැයි මණ්ඩලය සහ ඇල්ල ප්‍රාදේශීය සභාව එක්ව ක්‍රියාත්මක කරන ” තවත් ටිකක් පරිස්සමින් ව්‍යාපෘතිය ” ක්‍රියාවට නැංවීමේ සමාරම්භක අවස්ථාව අද පෙරවරුවේ දෙමෝදර ආරුක්කු නවය පාලම වෙත පිවිසෙන එක් ප්‍රධාන පිවිසුම් ස්ථානයක් වන පියුම් කඩේ හන්දිය අසල දී පැවැත්වුණා.
දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන ඇල්ල නගරය හා ඒ අවට ආකර්ෂණීය ස්ථානයන් වෙත පිවිසෙන මාර්ගයන් සංචාරකයන්ට සහ මහජනතාවට සුරක්ෂිත කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි
මෙම ව්‍යාපෘතිය සඳහා පසුගිය ඔක්තෝබර් මස 23 වැනිදා ජාතික ලොතරැයි මණ්ඩලය සහ ඇල්ල ප්‍රාදේශීය සභාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබූ අතර, ව්‍යාපෘතිය නිමවීමෙන් පසු එහි නඩත්තු කටයුතු ද ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් පවත්වා ගෙන යාමට සැලසුම් කර තිබෙනවා

ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­පති සිරිල් ඇන්තනී පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියා.

Share