තරුණියක් හැඳ සිටි ඇඳුම යටින් වීඩියෝ කිරීමට තැත් කළ තරුණයෙකු අත්අඩංගුවට

පිටකොටුව ප්‍රධාන වීදියේ ගමන් කරමින් සිටි පෝලන්ත ජාතික තරුණියක් හැඳ සිටි ඇඳුම යටින් ජංගම දුරකතනයක් අධාරයෙන් වීඩියෝ කිරීමට තැත් කළ තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

පිටකොටුව ප්‍රධාන වීදියේ කොට ගවුමක් හැඳ ගමන් කරමින් සිටි විදෙස් ජාතික තරුණියකගේ ඇඳුම යටින් ජංගම දුරකතනයක් දමා වීඩියෝ කිරීමට උත්සාහ කළ සිදුවීමක් වාර්තා වනවා
මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ 32 හැවිරිදි පෝලන්ත ජාතික තරුණියක්.එම සිදුවීම දුටු ප්‍රධාන වීදියේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පිටකොටුව පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මීරිගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා කොළඹ අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share