මේ අතර ඉන්දියාවේ සාගර් බන්ධු මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .
ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය ඉන්දියාවේ අග්‍රා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා
මෙම ගුවන් යානය තුළ අඩි 110 ක් දිගැති, මෙට්‍රික් ටොන් 65 ක් බරැති බේලි පාළමක්, ජේ.සී.බී. බැකෝ යන්ත්‍රයක් සහ ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13 දෙනෙකු ද පැමිණ තිබෙනවා .
මේ අතර තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින්ගේ ප්‍රධානත්වයෙන් තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරමින් සහනාධාර මෙට්‍රික් ටොන් 950ක අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නෞකාවක් කොළඹ වරාය බලා පැමිණෙමින් තිබෙනවා .
එම භාණ්ඩ අතරට ආහාර සහ රෙදිපිළි ඇතුළත්වන අතර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය ගනේෂ්නාදන් ගීතීශ්වරන් මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකර ඇති බව සඳහන්.





