මධ්‍යම කඳුකරයේ ඉහළ ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ලැබුණු වර්ෂාපතනයත් සමග දඹුලු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර තිබෙනවා.
ඒ අනුව තප්පරයට ඝන අඩි හයදහසක ජලධාරිතාවක් දඹුළු ඔය ඔස්සේ කලා වැවට මුදා හැරෙන බව බෝවතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා සදහන් කළා.





