පවතින බහලුම් තදබදය ඉවත් කර, නැව් ප්‍රමාදයන් අවම කර නොගැනීම නිසා කොළඹ වරායට පැමිණෙන නැව්, ඉන්දියාව වෙත යොමුවීමේ අවදානමක් පවතින බව ලංකා භාණ්ඩ හා සේවා ප්‍රවාහන සේවක සංගමය පවසනවා.
කාර්යබහුලතම නැව් මාර්ගයක පිහිටා තිබෙන කොළඹ වරායට පැමිණෙන නැව් සඳහා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ කඩිනම් අවශ්‍යතාව පැන නැගී ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.
ලෝක නාවුක මාර්ග සිතියමේ කේන්ද්‍රස්ථානයක් වන කොළඹ වරාය ලෝකයේ ප්‍රධානතම නාවික මධ්‍යස්ථානයක්.
එය දකුණු ආසියාවේ කාර්ය බහුලම වානිජ වරායක් ද වනවා.
කෙසේවෙතත් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඉදිකළ එරට පළමු ගැඹුරු වරාය වන විසින්ජන් කොළඹ වරායට බරපතළ අභියෝගයක් ඇති කරමින් තිබෙනවා.
කොළඹ වරායේ දැනට පවතින බහලුම් තදබදය සහ ඒ නිසා සිදුවන නැව් ප්‍රමාදයන් විසින්ජන් සමග තරගයේ දී කොළඹට ලබා දෙන්නේ අඩු වාසියක්.
වැඩි බහලුම් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම, නිදහස් කර ගැනීමේ ක්‍රියාවලීන්වල දුර්වලතා, රේගු ක්‍රියාවලියට අදාළ අසම්පූර්ණ ලේඛන, ආදී ගැටලු හමුවේ ගබඩා පහසුකම් සීමිත වීම ඉන් ප්‍රධානතම ගැටලුවයි.
සැලසීම ඇතුළු ඊට නොයෙකුත් විසඳුම් රජය යෝජනා කළද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූවාද යන්න සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලුවක්.
කෙසේවෙතත් එවන් පසුබිමක් හමුවේ කොළඹ වරායට කිලෝමීටර් 250ක් පමණ දුරින් පිහිටා ඇති විසින්ජන් වරාය ජාත්‍යන්තර නෞකා මාර්ගවලටද ඉතා ආසන්නව පිහිටා තිබීම හා එහි විශාල කන්ටේනර් නෞකා පහසුවෙන් නැවතීමටද හැකියාව පැවතීමද එම බලපෑම තව තවත් තීව්‍රර කර තිබෙනවා.





