තක්ෂි සමග බිස්කට් බෙදා ගෙන කෑ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමග සමීප සබඳතා පැවැත්වූ පොලිස් සැරයන්වරෙකුගේ වැඩ තහනමට ලක් කළ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පවසනවා.

එම සැරයන්වරයා එම සැකකාරිය සමග එක විස්කෝතුවක් දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව සීසීටීවී දර්ශන මගින් අනාවරණ වී තිබෙනවා.

Share