ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව දකුණු මුහුදු තීරයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවයි.
එම මෙහෙයුමේදී සැකකටයුතු යාත්‍රාවක් තංගල්ලට ආසන්න මුහුදු ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසුවා.
යාත්‍රාවේ සිටි සැකකරුවන් … කු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ධීවර යාත්‍රාව මේ වන විට තංගල්ල ධීවර වරාය වෙත රැගෙන එමින් ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ටීවී සුප්‍රීම් නිවුස් වෙත පැවසුවා.
මේ අතර කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ගමන්මලුවල පාර්සල් 04 ක් ලෙස සුක්ෂමව සඟවා තිබූ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 22 ක ප්‍රමාණයක් එහිදී සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට මෙරටට පැමිණි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය මීගමුව / කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ කළ මෙහෙයුමක දී ඉතාලියේ නිශ්පාදිත රිවෝල්වර අවියක් සහ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 07, ග්‍රෑම් 974 ක් හා ගංජා කිලෝ 01, ග්‍රෑම් 580 ක් සොයා ගත් බව පොලිසිය පැවසුවා.
මේ අතර විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මගින්දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් යානයෙන් මෙරටට පැමිණි සැකකරුවන්ගේ ගමන් මලු තුළ සඟවා තිබුණු දුම්වැටි කාටුන් 171ක් සොයා ගනු ලැබුවා.
පාසල් දරුවන් අතර දුම් පානය ඉහළ ගොස් ඇතැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසනවා.





