ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව ජාතික නත්තල් ගස ආලෝකමත් ආලෝකමත් කිරීමේ උත්සවයට සහභාගී වුණා

සියවසකට වැඩි කාලයක් පැරණි සම්ප්‍රදායක් වන ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික ජාතික නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවයට ඊයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සහභාගී වුණා.
මෙය 103වන නත්තල් ගස ආලෝකකරණය කිරීමේ උත්සවය වන අතර මෙය ඊයේ රාත්‍රියේ පැවත්වුනේ වොෂින්ටනයේදී.
එහිදී ජනාධිපති ආර්යාව ගස ආලෝකමත් කිරීමෙන් නිවාඩු සමය ආරම්භ කළ අතර, මේ නත්තල් ගස වර්ජිනියාවේ ජෝර්ජ් වොෂින්ටන් සහ ජෙෆර්සන් ජාතික වනාන්තරයෙන් රැගෙන ආ අඩි 35ක් උස රතු ස්පෘස් ගසක් බව එරට ජාතික වනෝද්‍යාන සේවය පවසනවා.
නත්තල් ගස ආලෝකකරණ උත්සවයට බීච් බෝයිස් සහ ඇලනා ස්ප්‍රින්ග්ස්ටීන් විසින් ඉදිරිපත් කරන ලද රංගනයන් කිහිපයක් ඇතුළත් වූ අතර නත්තල් ගස නැරඹීමට දෙසැම්බර් 6 වන දින සිට මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා.
මෙම උත්සවයට 20,000 කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා.
1923 දී නත්තල් සැන්දෑවේ ජනාධිපති කැල්වින් කූලිජ් විසින් රතු, සුදු සහ කොළ පැහැති විදුලි බල්බ 2,500 කින් සරසා තිබූ වර්මොන්ට්හි අඩි 48 ක් උස බෝල්සම් ෆර් ගසක් දල්වා මෙම වාර්ෂික උත්සවය ආරම්භ වූණා.

Share