ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා මිලිටරි විකල්ප සලකා බලන බව ධවල මන්දිරය තහවුරු කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා විකල්ප ක්‍රම සාකච්ජා කරමින් සිටින බවත්, ඊට මිලිටරි මැදිහත්වීම් ද ඇතුළත් බවත් ධවල මන්දිරය උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරනවා
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සිය ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක් බව පවසන ධවල මන්දිරය, එය අත්පත් කරගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව නිවේදනය කරන්නේ නේටෝ නායකයින්වන එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ ඩෙන්මාර්කය, ග්‍රීන්ලන්තයට සහාය දක්වන බවට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර පැය කිහිපයක් ගත්වීමට මත්තෙන් වීම විශේෂයක්.
“ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම මෙම වැදගත් විදේශ ප්‍රතිපත්ති ඉලක්කය සපුරා ගැනීම සඳහා විකල්ප ගණනාවක් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ් සඳහා එක්සත් ජනපද හමුදාව භාවිතා කරනවාද යන්න සැමවිටම අණදෙන නිලධාරියාගේ අභිමතය පරිදි තීන්දු කෙරෙන විකල්පයක්. ධවල මන්දිර ප්‍රකාශික කැරොලයින් ලෙවිට් සඳහන් කර තිබුණා.
පසුගිය දා එක්සත් ජනපදය, හමුදා ක්‍රියාමාර්ගයකින් වෙනසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ පැහැරගැනීමෙන් පසු, එක්සත් ජනපදයේ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීන්ලන්තය අවශ්‍ය බවට වන ප්‍රකාශය යළි කරලීයට පැමිණියා.
ග්‍රීන්ලන්තය පවරා ගන්නා බවට කරන තර්ජනය නවතන ලෙස ග්‍රීන්ලන්තයේ පාලනය භාරව සිටින ඩෙන්මාර්ක් ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි අතර, ඩෙන්මාර්කයේ සහ එහි අර්ධ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තයේ සහයට පැමිණි නේටෝ සහචරයින් ඩෙන්මාර්කයේ ස්වාධින අයිතිය වෙන්වෙන් සිය සහයෝගය පළ කර තිබුණා
“ග්‍රීන්ලන්තය එහි ජනතාවට අයත් වන අතර, ඔවුන්ගේ සබඳතා සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ ඩෙන්මාර්කයට සහ ග්‍රීන්ලන්තය පමණක් බව නේටෝ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයයෙන් අවධාරණය කර තිබුණා.
ආක්ටික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් ද ඇමරිකා එක්සත් ජනපදය තරම්ම උනන්දු වන බවත්, කලාපයේ ආරක්ෂාව සහතික කරගත යුත්තේ, එක්සත් ජනපදය ඇතුළු නේටෝ සාමාජිකයින් සාමූහිකව බවත් අදාළ ප්‍රකාශයෙන් වැඩි දුරටත් අවධාරණය කර තිබුණා

Share