ඉරානය සමඟ වාණිජ සබඳතා ඇති රටවල් සඳහා 25% ක අමතර තීරු බද්දක් පනවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මෙම බද්ද වහාම ක්‍රියාත්මක වන බව ටෘත් සෝෂල් හි සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළා.
චීනය ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරු වන අතර, ඊට පසුව පිළිවෙලින් ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය හා ඉන්දියාව ඉරානයේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවන් වනවා.
විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම නතර නොකරන්නේ නම් තමන් හමුදාමය වශයෙන් මැදිහත් වන බවට ඇමරිකාව තර්ජනය කිරීමෙන් පසුව නව තීරු බද්ද පනවා තිබෙනවා.





