ට්‍රම්ගෙන් BBCයට නඩු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බීබීසී පුවත් සේවයට එරෙහිව ඩොලර් බිලියන 5ක අපහාස නඩුවක් ගොනු කර තිබෙනවා.
මෙයට හේතුව වී ඇත්තේ, 2021 ජනවාරි මස 6 වන දින වොෂින්ටනයේදී ආධාරකරුවන් අමතමින් කළ කතාව වැරදි ලෙස සංස්කරණය කිරීමයි.
ෆ්ලොරිඩාවේ ගොනු කර ඇති අධිකරණ ලේඛනවලට අනුව, අපහාස කිරීම සහ වෙළඳ පිළිවෙත් නීතියක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා නගා තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය මාසයේ බීබීසීය ට්‍රම්ප්ගෙන් සමාව අයැද සිටි නමුත් වන්දි සඳහා ඔහුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Share