පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියේ අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට අද සමුදුන්නා.
17 වතාවක් WWE ශූරයා වූ ජෝන් සීනා සිය අවසන් තරගය ක්‍රීඩා කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ‘GUNTHER එරෙහිවයි.
කෙසේ නමුත් එම තරගයෙන් ජෝන් සීනා පරාජයට පත්වුණා.
තරගයෙන් පසු WWE සියලුම ක්‍රීඩකයින් ඔහුට සමුදීමට පැමිණි අතර රෙස්ලිං ශූරයින් වූ කෝට් රෝඩ්ස් සහ CM පන්ක් ඔවුන්ගේ ශූරතා සීනාගේ කරමත තබමින් ඔහුට ආචාර කළා.
තරගයෙන් පසුව ජෝන් සීනා සිය ප්‍රේක්ෂකයින්ට හිස නමා ආචාර කරමින් තමන්ගේ වෘත්තිය දිවිය අවසන් කරන බව අවසන් කරන බවට නිවේදනය කළේ තමා දරා සිටි අත්පටි සහ සපත්තු රෙස්ලිං වළල්ලේ තබා බැස යෑමෙන්.
ජෝන් සීනා රෙස්ලිං වළල්ලේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන අතර ඔහු ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛායත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට පත්වූ චරිතයක්.





