වෘත්තීය මල්ලවපොර ඉතිහාසයේ විශිෂ්ටතමයන් අතර සිටින “ජෝන් සීනා” සිය දශක දෙකක ක්‍රීඩා ජිවිතයේ අවසන් තරගයට හෙට මුහුණ දීමට නියමිතයි.
රෙස්ලිං ශූර ජෝන් සීනා ශ්‍රී ලංකාවේ ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්වුණ ක්‍රීඩකයෙක්.
“ජෝන් සීනා” ගේ වසර 20ක විශිෂ්ට වෘත්තිය ජිවිතයේ අවසානය සනිටුහන් කරමින් හෙට තරගය ප්‍රතිවාදී ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ගන්තර් (GUNTHER) සමඟ සිදුකිරීමට නියමිතයි.
ජෝන් සීනා, 2001 වසරේ සිට WWE රෙස්ලිං වළල්ලේ රැඳී සිටි අතර ඔහු සිය වෘත්තිය රෙස්ලින් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක තරුවක් බවට පත්වෙමින් අමතක නොවන අවස්ථා සහ ශුරතා රැසක් හිමිකර ගෙන තිබෙනවා.
ඔහු 17 වතාවක් WWE ශූරතා හිමිකරගෙන ඇති අතර, එය ක්‍රීඩකයෙකු දිනාඇති වැඩිම ශූරතා සංඛ්‍යාව ලෙසද වාර්තා පොතට එක්වෙනවා.
ඔහුගේ අවසන් ප්‍රතිවාදියා තේරීම සඳහා ලාස්ට් ටයිම් ඊස් නව් නමින් තරගාවලියක් ද පැවැත්වුණා.
මෙම තරගය ඔහුගේ බලය මත පදනම් වු ප්‍රහාරාත්මක තරගයක් සහ ගන්තර් ගේ නිවැරදි තාක්ෂණික හා දරුණු පහරදිමේ ක්‍රමය අතර වෙනස් වු ගැටුමක් වනු ඇති බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.
සැටඩේ නයිට්ස් මේන් ඉවෙන්ට් තරගාවලිය නැරඹිම සඳහා ඇමෙරිකා ප්‍රේක්ෂකයින් දැඩි උනන්දුවකින් පසුවනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ට මෙම තරගය නැරඹිය හැකි වන්නේ ලබන 15 වන දින පෙරවරු 6.30ටයි.





