ජෙෆ් බෙසොස් අභ්‍යවකාශ තරණය සාර්ථකව සිදුවෙයි

ජෙෆ් බෙසොස් සතු අභ්‍යවකාශ සමාගමක් වන බ්ලූ ඔරිජින්, ෆ්ලොරිඩාවේ සිට සිය නිව් ග්ලෙන් රොකට්ටුව අඟහරු වෙත සාර්ථකව දියත් කර තිබෙනවා.
Escapade ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම,චන්ද්‍රිකාව අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට මාස 22 ක් ගත වනවා.
එහිදී මෙම යානාව අඟහරුගේ වායුගෝලය සහ චුම්භක ක්ෂේත්‍රය මැනීම සඳහා ග්‍රහලෝකය වටා කක්ෂගත වීමට අපේක්ෂිතයි.
නිව් ග්ලෙන් යානයට බලය සැපයූ නැවත භාවිතා කළ හැකි බූස්ටරය ද රොකට්ටුවේ ඉහළ අදියරෙන් වෙන් වී අත්ලාන්තික් සාගරයේ පාවෙන ගොඩබෑමේ වේදිකාවක් මතට නිවැරදිව ලඟා වුනා.
මෙය බ්ලූ ඔරිජින් විසින් එය සාර්ථකව සිදුකල පළමු අවස්ථාවයි.
මීට පෙර මෙවැනි අත්හදා බැලීමක් සිදුකර තිබුනේ එලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් චන්ද්‍රිකාව පමණයි.

Share