ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයන්ට රක්ෂණයක්

ජාතික ලොතරැයි මණ්ඩලය පසුගිය වර්ෂය තුල ලොතරැයි අලෙවි කටයුතු සිදු කරන අලෙවි ජාලයේ අලෙවි නියෝජිතයන් දිස්ත්‍රික් මට්ටමින් හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් ලැබූ යෝජනා සැලකිල්ලට ගෙන ලොතරැයි ව්‍යාපාරය විධිමත් තත්වයට උසස් කිරීම සඳහා පියවර ගනිමින් සිටිනවා.
ඒ යටතේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ප්‍රතිලාභ ක්‍රමවේදයක් හදුන්වාදෙමින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ කොන්ටිනෙන්ටල් රක්ෂණ ලංකා ලිමිටඩ් ආයතනය සමග අද පෙරවරුවේ ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.

Share