ජාත්‍යන්තර වෙළඳ පොළට පිවිසෙන ශ්‍රී ලංකාවේ පළමු සඟරාව වන Elevare සඟරාව, පසුගියදා වෙළදපොළට නිකුත් කළා.
ඒ Elevare සභාපතිනි සබීතා හෙට්ටිආරච්චි මහත්මියගේ සහ එහි විධායක අධ්යක්ෂ ආකාශ් කරුනාරත්න මහත්මාගේ මගපෙන්වීම යටතේයි
මෙම ජාත්‍යන්තර සඟරාවේ මුල් පිටුව අලංකාර කරන්නේ ගෝලීය නිරූපිකාවක් වන ජැකලීන් ෆර්නැන්ඩස් වන අතර මෙම සඟරාව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඩුබායි, මැලේසියාව සහ මාලදිවයින ඇතුළු ප්‍රධාන ගෝලීය වෙළඳපොළවල් හරහා බෙදා හරිනු ලබනවා





