ජලාශ රැසක් වාන් දමයි

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වුණා.

මධ්‍යම කඳුකරය ප්‍රදේශ රැසකට දින කිහිපයක් පුරා පවතින වැසි හමුවේ ඩෙවෝන් සහ සෙන්ට් ක්ලෙයාර් දිය ඇලිද සක්‍රිය වී තිබුණේ මෙලෙසින්.

මේ අතර ගලහ, නිල්ලඹ ජලාශයේද හදිසි වාන්දොරටු තුනක් මේ වන විට විවෘත කර තිබෙනවා.

කලාවැවේ ජලධාරිතාව මේ වනවිට අක්කර අඩි 87,097ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති අතර එහි හදිසි වාන්දොරටු දෙකක් තවදුරටත් විවෘතව ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 2640 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙනවා.

ඒ හේතුවෙන් කලාවැව – අවුකන මාර්ගය ජලයෙන් යටවීම නිසා එහි ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

Share