මතුව අති චීන – ජපන් රාජ තාන්ත්‍රික අර්බුද මධ්‍යයේ ජපානයේ සිටින අවසන් පැන්ඩා පැටවුන් දෙදෙනා මෙම සතියේ නැවත චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඔවුන් පිටත්ව යාමට පෙර අවසන් වරට දැකබලා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත ජපන් වැසියන් අද ටෝකියෝ සත්වෝද්‍යානයට රැස්ව සිටි බව වාර්තා වෙනවා.
මේ සමග, වසර පනහකට පසු ප්‍රථම වතාවට ජපානයට පැන්ඩා සතුන් නොමැති වී යනු ඇති.
පැන්ඩා සතුන් ජපානය තුළ කෙතරම් ජනප්‍රියද යත්, අවසන් දිනයේදී ඔවුන් නැරඹීමට එක් අයෙකුට ලැබී ඇත්තේ විනාඩියක කාලයක් පමණි.
බීජිං පාලනය මෙම පැන්ඩා සතුන් ලොවට ලබා දෙන්නේ සංරක්ෂණ වැඩසටහන් මත වන අතර, ඔවුන්ගේ අයිතිය සැමවිටම චීනය සතු වනවා.
කෙසේවෙතත් මෙසේ පැන්ඩා සතුන් නොමැති වීම නිසා ජපානයට වසරකට යෙන් බිලියන 20ක පමණ ආර්ථික පාඩුවක් සිදුවනු ඇතැයි ද ආර්ථික විද්‍යාඥයෝ ඇස්තමේන්තු කර තිබෙනවා.





