ජපානයේ ඊසානදිග කලාපයට රික්ටර් මාපක 6.7 ක ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ ඊසානදිග කලාපයට රික්ටර් මාපක 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් අද පෙරවරුවේ ඇතිව තිබෙනවා.
මේ හේතුවෙන් මීටර් 1 ක් දක්වා ඉහළ යා හැකි රළ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් ජපාන වේලාවෙන් පෙ.ව. 11:44 පමණ කිලෝමීටර 20ක් ගැඹුරකින් මෙම භූමිකම්පාව ඇතිව තිබෙනවා.
පසුගිය සඳුදා ද මෙම කලාපයේම රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවුණා.

Share