ජපානයට භූ කම්පනයක්

ඊයේ රාත්‍රියේ ජපානයේ ඊසානදිග ප්‍රදේශය හට ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලැබුවා.
රික්ටර් මාපකයේ 7.5 ක අගයක් සටහන් වූ භූමිකම්පාව ටෝකියෝ අගනුවරට ද දැනී තිබූ අතර සුනාමි අවදානමක් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂයක් පමණ නිවාසවලින් ද ඉවත් කෙරුණා.
ඒ් සමගම භුමි කම්පාව සිදුවූ ප්‍රදේශය අවට බොහෝ ප්‍රදේශවල විදුලි බලය විසන්ධි වී ඇති බවත් දුම්රිය සේවා අත්හිටුවා ඇති බවත් ජපාන මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් ඇති අතර භූමිකම්පාවෙන් පසු සෙන්ටිමීටර 70 ක පමණ උසින් යුත් මුහුදු රළ ගොඩබිමිට පැමිණි බව සඳහන්.
කෙසේ නමුත් ජපාන කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ ඉදිරි දිනවලදී තවත් ප්‍රබල භු කම්පනයක් එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවිය හැකි බවයි.
ඒ් අනුව අවම වශයෙන් සතියක පමණ කාලයක දැඩි අවධානයෙන් සිටින ලෙස ජපාන රජය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Share