ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නව තීරු බද්දක්

ග්‍රීන්ලන්තය අත්පත්කර ගැනීමට ඇමෙරිකාව දරණ උත්සාහයට විරුද්ධ වන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
ඩෙන්මාර්කය විසින් පාලනය කරන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈදා ගැනීමේ තම වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කරන රටවල් සඳහා මෙලෙස නව තීරුබදු පනවන බවට ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත්, නව තීරු බදු පනවනු ලබන රටවල් පිළිබඳව හෝ එම රටවලට එරෙහිව අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය පිළිබඳව හෝ කරුණු මෙතෙක් අනාවරණය කර නැහැ.
මේ අතර, ඇමෙරිකාවේ බලපෑම් හේතුවෙන් ග්‍රීන්ලන්තයට යුරෝපා සංගම් භට ඛණ්ඩ යොමු කර තිබෙනවා.
ඒ සඳහා, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් අයත්.
මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද සඳහන් කලේ ගොඩබිමින්, ගුවනින් සහ මුහුදෙන් ඉක්මනින් භට ඛණ්ඩ එහි යවන බවයි
ග්‍රීන්ලන්තය, ඩෙන්මාර්කය හා ඇමෙරිකාව අතර පැවති සාකච්ඡාවලදී මූලික එකඟතාවයකට නොපැමිණීමත් සමගයි යුරෝපා භට ඛණ්ඩ මෙලෙස ග්‍රීන්ලන්තයට පැමිණ තිබෙන්නේ.
මෙහුදූ භූමිය හඳුනාගැනීම හා යුරෝපා සංගමයේ ධජය ග්‍රීන්ලන්තයේ සිටුවීම සංකේතාත්මකව සිදු කර තිබෙනවා.

Share