ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබුවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ වන විට වසර 26 ක කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරනවා.
2000 වර්ෂයේ පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ චන්ද්‍රකීර්ති මහතා 2019 වර්ෂයේදී විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලැබුවා.
ඌව පළාත් සභාවේ අධ්‍යාපන හා සංචාරක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස 2001 වර්ෂයේදී මුල් පත්වීම ලැබු ඒ මහතා 2003 වර්ෂයේදී බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරී භාර ගත්තා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස කටයුතු කළ ඔහු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළා.
කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අමාත්‍යංශ කිහිපයක ලේකම් ධුර දැරුවා.
ඔහු මේ වන විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කටයුතු කරනවා.





