ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන AI Impact Summit 2026 සමුළුවට සහාභාගි වීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් මහතා හමුවී තිබෙනවා
මේ අතර ජනාධිපතිවරයා හෙට දිනයේදී AI Impact Summit 2026 සමුළුව ඇමතීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද පෙරවරුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් මහතා හමුවී තිබෙනවා
තානාපති සර්ජියෝ ගෝර් මහතා X සටහනක් තබමින් කියා සිටියේ ඇමරිකානු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම, වාණිජ සබඳතා ගැඹුරු කිරීම සහ කලාපය පුරා ස්ථාවරත්වය වර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කල බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට ඊයේ දින ඉන්දියාව බලා පිටත්ව ගියා.
දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ඊයේ පස්වරුවේ ලගා වූ අතර රාජ්‍ය අමාත්‍ය ශ්‍රී රාජ් භූෂාන් චෞද්රි මහතා ඇතුළු පිරිසක් විසින් එහිදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිලිගනු ලැබුවා.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact Summit 2026 නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර දින 05ක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට දිනයේදී එම සමුළුව ඇමතීමට නියමිතයි
සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.





