ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ AI සමුළුව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙබරවාරි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන AI Impact සමුලුව සඳහා සහභාගී වීමට නියමිතයි.

ජනාධිපතිවරයා සමුළුවට සහභාගි වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයක් මත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

ප්‍රංශය, බ්‍රසීලය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලු රටවල් 20 ක රාජ්‍ය නායකයින් සමුලුවට එක්වනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, මෙම සමුළුව ඉන්දීය රජය විසින් පවත්වනු ලබන අතර, කෘත්‍රිම බුද්ධියේ (AI) අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, නවෝත්පාදකයින් සහ විශේෂඥයින් එක්රැස් කිරීම සමුළුවේ මුඛ්‍ය පරමාර්ථයයි.

Share