මෙතෙක් කල් ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ කාමරය ඊයේ සිට ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා
රෝහල ආරම්භ කළ දා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයකදී පමණක් වුවද,ජනාධිපතිවරයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන්, භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් තිබුණා.





