ඉන්දියාව සිය 77 වන ජනරජ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සහ යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සහභාගී වීමිට නියමිතයි.
ජනරජ දින සැමරුම් පෙලපාලිය ලබන 26 වැනිදා නවදිල්ලියේ දී පැවැත්වෙනවා.
ජනරජ දින පෙළපාළිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් තෝරා ගැනීම ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමුඛතා සහ අනෙකුත් රටවල් සමඟ එහි සබඳතා මත පදනම් වනවා.
මේ වනවිට නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා යුරෝපා සංගමය සමග සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුර, මෙම සංචාරය ආර්ථික හා දේශපාලනික තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.





