ජනප්‍රිය සමාජ මාධ්‍ය සන්නිවේදකයකු වූ දර්ශන හඳුන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය සමාජ මාධ්‍ය සන්නිවේදකයකු වූ දර්ශන හඳුන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.
පවුලේ ආරංචි මාර්ගවලට අනුව අසනීප තත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී හඳුන්ගොඩ මහතා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ දීයි.
හඳුන්ගොඩ මහතා මිය යන විට 55 හැවිරිදි වියේ පසුවුණා.
ජාතික ගැටලු පිළිබඳ සෘජු හා විවේචනාත්මක අදහස් දැක්වීම් හේතුවෙන් ඔහුගේ යූටියුබ් ඉදිරිපත් කිරීම් සඳහා විශාල අනුගාමිකයින් පිරිසක් ආකර්ෂණය වී සිටියා.

Share