ජනපති ලැබූ තුති

ඉන්දු පාකිස්ථාන තරගය පැවැත්වීමට දැක්වූ මැදිහත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා එරට රජයේ ප්‍රණාමය පුද කළා.
ඒ සඳහා අමාත්‍යවරයා, ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා මුණ ගැසුණා.

ලොව පුරා අවධානය දිනාගත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර t20 ලෝක කුසලාන තරගය නැරඹීම සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය මෙන්ම එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ හමුවුණා.
එහිදී නක්වි මහතා සඳහන් කළේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට තරගය ක්‍රීඩා කිරීමට අනුමැතිය හිමි වුණේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව බවයි.

ස්තුතියි ජනාධිපතිතුමනි, මුලින්ම පාකිස්ථාන ජනපති සහ අගමැති මගෙන් විශේෂයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන්ගේ සුබ පැතුම් ඔබට පිරිනමන්න කැමතියි.
ඇත්තෙන්ම තරගයේ සැබෑ වීරයා ඔබයි. ඒ නිසා බිලියන දෙකක ජනතාවක් එහිදී ප්‍රමෝදයට පත් වුණා
අපි ඉන්දියාව, පාකිස්ථානය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් සැලකුවිට බිලියන දෙකකට ආසන්න ජන කොටසක් ඉන්නවා
ඇත්තටම ඔබ නිසා තමයි මේ තරගයට සහභාගි වුණේ
ඉන්දියාව සමඟ තරග කිරීම ගැන අපට ගැටලු කිහිපයක් තිබුණත් ඔබ ඇමතු විගස ඒ සඳහා 50ට 50 අවස්ථාව උදා වුණා
නමුත් පාකිස්තාන අගමැති ඔබේ ඇමතුම ලැබූ සැණින් මා අමතා ඒ සඳහා තවදුරටත් ගැටලුවක් නොමැති බව ප්‍රකාශ කළා.
අප මේ තරගය ක්‍රීඩා කළ යුතු බවත් ඔහු මට දැන්වූවා
එම තත්ත්වය කළමනාකරණය කර තරග පැවැත්වීමට කටයුතු කළා. එහිදී ඔබ ඉටු කළ තීරණාත්මක කාර්යභාරයට ස්තුතියි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමක් බවයි.
එසේම දිට්වා සුළි කුණාටුව ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව අසීරුතාවට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට පාකිස්තානය ලබා දුන් සහායද ජනපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළා.

Share