අමෙරිකානු ජනාධිපති ඩොනඩ් ට්‍රම්ප් ලබන වසරේ දී ඉන්දියාවේ සංචාරය කරනු ඇති බවත් ඉන්දියාව තරම් අත්‍යවශ්‍ය රටක් එක්සත් ජනපදයට තවත් නොමැති බවත් ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසනවා.
දිල්ලියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී අදහස් දක්වමින් තනාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ට්‍රම්ප්ගේ සැබෑ මිත්‍රත්වය ගැන සඳහන් කරමින් එහි දී ඔහු පවසා ඇත්තේ සැබෑ මිතුරන්ට ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගත හැකි බවයි.
ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් සිටින බව ද ඔහු සඳහන් කළා.





