ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන AI Impact Summit 2026 සමුළුවට සහාභාගි වීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වුණා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට දිනයේදී සමුළුව ඇමතීමට නියමිතයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට ඊයේ දින ඉන්දියාව බලා පිටත්ව ගියා.
දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ඊයේ පස්වරුවේ ලගා වූ අතර රාජ්‍ය අමාත්‍ය ශ්‍රී රාජ් භූෂාන් චෞද්රි මහතා ඇතුළු පිරිසක් විසින් එහිදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිලිගනු ලැබුවා.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact Summit 2026 නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර දින 05ක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතව තිබෙනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට දිනයේදී එම සමුළුව ඇමතීමට නියමිතයි.
සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.
එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම සමුළුවට එක් වනවා.





