ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
රටවල් අතර සබඳතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
AI සමුළුවේ කටයුතු අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානයක සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර පැවති සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.
අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සහ ජනාධිපතිවරයා අතර ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා.
ජනාධිපතිවරයා සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරද හමුවක් පැවැත්වුණු අතර, එහිදී දෙරටට වැදගත් වන පොදු කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
එමෙන්ම X පණිවිඩයක් නිකුත් කළ බ්‍රසීල ජනපතිවරයා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බ්‍රසීලයේ සංචාරයක නිරත වන ලෙස ආරාධනා කළ බවයි.
එමෙන්ම, භූතානයේ අග්‍රාමාත්‍ය සෙරින් ටොබ්ගේ සහ ජනාධිපතිවරයා අතර ද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණා.





