පසුගියදා පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නගරාධිපතිවරයා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ජනාධිපතිවරයා නොමඟ යවා ඇතැයි පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ නිලධාරීන් නියමිත වේලාවට සොරොව්ව විවෘත නොකිරීම නුවරඑළිය නගරය යටවීමට හේතුවූ බවයි.
නමුත් වාන් දොරටු ප්‍රමාණවත් නොවීම මත මෙම තත්ත්වය උද්ගත වූ සම්බන්ධීකරණ කමිටු රැස් වීමේ දී සඳහන් වුණා.
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ වර්ෂාව හේතුවෙන් ග්‍රෙගරි වැව පිටාර ගැලිමෙන් නුවරඑළිය නගරය ද ජලයෙන් යට වුණා.
පසුව නුවරඑලිය නගරයට සිදු වූ හානි සම්බන්ධයෙන් සහ ඉදිරි සැලසුම් සකස් කිරීම වෙනුවෙන් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පසුගිය 8 වැනිදා පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා ඉදිරිපත් කළ තොරතුරු පදනම් විරහිත බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.





