වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගතවුනු කාලය ඉතිහාසයේ ජාතිවාදී ගැටුම් අඩුම හා ජාතිවාදය පෝෂණය කරන ව්‍යාපාර දුර්වලම වූ කාලය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයනවා.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ යාපනයේ දී ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සංවිධානය කළ තෛපොංගල් උත්සවයට එක් වෙමින්,
මෙහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිසේත්ම බිඳ වැටිමට ඉඩ නොදී ජාතිවාදයෙන් තොර ජාතික සමගිය පිරුනු රටක් බිහි කරන බවට සහතික වන බවයි.





