ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක්

ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක් ලබා දී ඇති බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.

සහන වැඩපිළිවෙලට ආධාර ලෙස ලැබුණු මුදල් සහ භාණ්ඩාගරයෙන් ලබා දුන් මුදල් ඇතුළුව මෙම සමස්ත මුදල සහන සැලසීමට ලබා දී ඇති බව ඔහු සඳහන් කළා.

අමෙරිකාවේ ස්ටාලින්ක් ආයතනය විසින් ආපදා කළමනාකරණ කටයුතු සාර්ථකව කර ගැනීමට සබඳතා පවත්වා ගැනීම සඳහා ස්ටාලින්ක් යුනිට් 100ක් පරිත්‍යාග කර ඇති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවා

Share